දේශීය පුවත්

මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි වයෝවෘද්ද පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (02) දින මිය යාමෙන් පසුව අද අලුයම් කාලයේදී අවසන් කටයුතු සිදු කල බවට වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘෆ් කැප්ටන් දුෂාණ් විජේසිංහ මහතා පවසා සිටියේය.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි වයෝවෘද්ද පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දින මිය යාමෙන් පසුව ඔවුන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කිරීමට මුලතිව් පොලීසියට හා සෞඛ්‍ය නිලධාරීන් වෙතට මළ සිරුරු දෙක භාර දී ඇති අතර එහිදී එම නිලධාරීන් විසින් ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා මුලතිව් කුමරපුරම් සුසාන භූමිය යොදා ගෙන තිබුණද එහි ආදාහනාගාරයක් නොමැති වීමෙන් දර යොදා පිලිස්සීමට පියවර ගෙන තිබුණි.

නමුත් මේ පිළිබඳව මිය ගිය පුද්ගලයින් කොරෝණා වයිරසය වැළඳී මිය ගිය බවට ප්‍රදේශවාසීන් සැක කොට අවසන් කටයුතු කුමරපුරම් සුසාන භූමියේදී සිදු කිරීමට අවස්ථාව ලබා නොදී ඇත.

අනතුරුව මිය ගිය අයගේ පී.සී.ආර් පරික්ෂණයන් අනුව කොරෝණා වයිරසය වැළඳී නොමැති බවට වාර්ථාව පැමිණීමෙන් පසුව මුලතිව් අධිකරණ නියෝගයකට අනුව පොලීසියේ හා සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ප්‍රදේශවාසී තරුණයින් විසින් පදිංචි කරුවන් නොමැති මුලතිව් මුල්ලියාවලෙයි කලෙයික්කාඩු කැලෑබද ප්‍රදේශයේදී දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරුණි.

අදාල මිය යාම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විමසීමේදී වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘෆ් කැප්ටන් දුෂාණ් විජේසිංහ මහතා පවසා සිටියේ,

“මිය ගිය දෙදෙනාගේ පී.සී.ආර්. පරික්ෂණයන් අනුව කොරෝණා ආසාදනය නොවී ඇති බවට ඊයේ රාත්‍රිය් වාර්ථාව ලැබුනා මේ අය කොළඹ ගුණසිංහ පුරේ සිට රැගෙන ගිය අය දෙදෙනාම ස්ථීර පදිංචියක් නැහැ හඳුනාගත් අය නැහැ ඔවුන් නිරෝධායනය වන විට ලබා දී ඇති තොරතුරුවලට අනුව එක් අයෙකු 83 හැවිරිදි තංගවේලී සහ 81 හැවිරිදි පී.ජී. මාර්ටීන් යන අයයි යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More