දේශීය පුවත්

ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති වූ කුඩා සහ මධ්‍යම පරිමාන වී මෝල් සංගමයක ප්‍රධානියෙකු සඳහන් කරන්නේ දැන් මහා සහල් මෝල් හිමියන්ගේ උවමනාවන් සහ තිරිඟු පිටි මාෆියාවේ උවමනාවන් සමපාත වී ඇති බවය.

ඔහුට අනුව සහල් පාලන මිල කෘතිම ලෙස පහත දමා ඇත්තේ තාවකාලිකව වන අතර එහි මූලික අරමුණ කුඩා සහ මධ්‍යම පරිමාන මෝල් පද්ධතිය බිඳ වැටීමටය. එය සිදු වන්නේ කෙසේ දැයි ප්‍රශ්ණ කළ විට ඔහු ලබා දුන් පිළතුර මෙසේය.

” මහා මෝල් හිමියෝ ලඟ පසුගිය කන්නයේදී මිලදී ගත් කීරි සම්බා වී තොග මහා පරිමානයෙන් තියෙනවා. ඒවාට පාලන මිලක් නියම කලේ නැති නිසා ඔවුන්ට මහා ලාභයක් ලැබෙනවා ඒ නිසා සහල් මිල පහත දැමීම ඔවුන්ට ප්‍රශ්ණයක් නොවේ. එහෙත් රු. 50 ට වී මිලදී ගන්නා කුඩා සහ මධ්‍යම පරිමාන මෝල් වලට නව පාලන මිලට සහල් දෙන්න බැහැ. ආණ්ඩුවේ යම් ප්‍රභලයින් කියන විදිහට වී මිල පහත දාලා අපේ පාඩුව පියව ගන්න දැන් බැහැ. අපි වී මිලදී ගෙන අවසන්. මේ කන්නයේදී අපි වැටුනම ලබන කන්නේ වී ගොවියාට මහා මෝල් මිහියෝ ගෙවන්නේ රු. 44 යි. එතකොට වී ගොවියත් ඉවරයි. ජනාධිපතිතුමාගේ ප්‍රාර්ථනය ඒක නොවෙයි. අපි බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ තත්වය වෙනස් කිරීමට පියවර ගන්නා ලෙසයි. විශේෂයෙන්ම රු. 100 ට වැඩියෙන් හාල් කාපු පාරිභෝගිකයා 100 ට කන්න අකමැති නොවන තත්වයක් යටතේ 95 කිරීමේ උවමනාව කුමක්දැයි එතුමා අපට පැහැදිළි කළ යුතුය. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More