ප‍්‍රධාන පුවත්

පාර්ලිමේන්තුවට යම් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසුව එම යෝජනාව පවතින රීතීන්ට අන්කුල බවට කථානායකතුමා පිළිගැනීමෙන් අනතුරුව දෙමළ, ඉංග්‍රිසි භාෂාවලට පරිවර්තනය කිරීමෙන් පසුව එය දින රහිත යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කරගන්නා බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවට යම් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වූවිට එහි ඉදිරි ක්‍රියා පිළිවෙත පිළිබඳව අප කරන ලද විමසුමකට පිලිතුරු ලබාදෙමින් ඒ මහතා මෙ බව පැවසීය.
විශ්වාසභංග යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් වී දින 5ක් ගතවූ පසුව පක්ෂ නායකයින් රැස්වී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගතයුතුයි.
මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නවානම් එය විවාදයට ගනු ලබන දින සහ ඡන්ද විමසීම සිදුකරනු ලබන දිනය තීරණය කළ යුත්තේ පක්ෂ නායක රැස්වීමේදී බවද නීල් ඉද්දවල මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවට යම් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වූ පසුව එම පාර්ලිමේන්තුව විසුරුවාහරිනතුරු එම විශ්වාසභංග යෝජනාව න්‍යාය පත්‍රයේ තිබෙන බවත් මීට පෙර මෙම අටවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනා කිහිපයක්ම පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ තවමත් තිබෙන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ලාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More