Uncategorized

දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට විකල්ප දිනයක් තවමත් තීරණය කර නැතැයි රජය පවසනවා.

සමාජ මාධ්‍යයේ හුවමාරු වන ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ජුනි 16 වැනිදා දක්වා කල් දමා තිබෙන බවයි.

එහෙත් එම වාර්තා සත්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.

මැයි මස 11 වැනිදා දෙවන අධ්‍යයන වාරය සඳහා පාසල් ආරම්භ කරන බවයි රජය මීට පෙර පැවසුවේ.

කෙසේ වෙතත් එදින පාසල් ආරම්භ කිරීමට නොහැකිවනු ඇතැයි දරු දැරියන් ඇසූ ප‍්‍රශ්නාවලියකට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) කියා සිටියා.

අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිළිබඳවද දරු දැරියන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විකල්ප දෙකක් ඉදිරිපත් වී තිබෙන බවයි. උසස් පෙළ විභාගය කල් දැමීම එක් විකල්පයක් වනවා. ආවරණය කර ඇති විෂය කොටස්වලින් පමණක් ප‍්‍රශ්ණ සකස් කර විභාගය පැවැත්වීම දෙවන විකල්පයයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය තවම ගෙන නැතැයිද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More