දේශීය පුවත්

කාබනික පොහොරවලට ගොවියා යොමු කරන්නැයි ජනපති දුන් නියෝගයට මුවා වී ලක් පොහොර සමාගමට කාබනික පොහොර ව්‍යාපෘතියකින් රුපියල් කෝටි විස්සක් පොලු තැබූ සමාගමටම යළිත් එම ව්‍යාපෘතිය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශ බලධාරීන් සූදානම් වන බව වාර්තා වේ.

2015 වසරේ සිට ලක් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා විසින් දේශපාලන හිතවතකුට අයත් නිශ්චිත ලිපිනයක්වත් නොමැති ආයතනයකට කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් ලබා දීමෙන් රුපියල් කෝටි 20 කට අධික මුදලක් පාඩු සිදු වී ඇතැයි විගණනයේදී හෙළිවී ඇත.

මෙම පොහොර නිෂ්පාදනය ඇරඹීමට ලක් පොහොර සමාගම සතු රුපියල් මිලියන 125ක ස්ථාවර තැන්පතුවක් එම සමාගමට බැංකු ඇපකරයක් ලෙස ලබා දී ඇත. ලක් පොහොර සමාගමේ ස්ථාවර තැන්පතුව ඇපයට තබා අදාළ සමාගම රුපියල් බිලියන 112.5 ක බැංකු ණයක් රජයේ බැංකුවකින් ලබාගෙන ඇත. එම ණය අතරමග නොගෙවා දැමීම නිසා අදාළ රාජ්‍ය බැංකුව රුපියල් මිලියන 80.5 ක් (ලක්ෂ 805 ) ලක් පොහොර සමාගමෙන් අයකරගෙන ඇත.

මීට අමතරව දේශපාලන සහාය මත එම සමාගම වෙතින් ලක් පොහොර සමාගමට දියර පොහොර ලීටර් දෙලක්ෂ හැත්තෑදහසක් ලබා දී තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 164 ක් සමාගම මගින් ගෙවා තිබිණි.

එම දියර පොහොරවලින් විකුණාගත නොහැකිව කල් ඉකුත් වූ රුපියල් ලක්ෂ 840 ක (මිලියන 84) පොහොර තොගයක් තවමත් ලක් පොහොර සමාගමේ ගොඩගසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More