Notice Board

අද(03) උදෑසන වන විට තවත් කො‍රෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 12 ක් සොයා ගනු ලැබීය.

වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 172 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

නමුත් ආසාදිතයින් 523 දෙනෙකු තවදුරටත් අයි.ඩී.එඩ් ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

දැඩි අවදානම් කාලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් මේ වන විට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබේ.

එමෙන්ම ඊයේ දිනය වන විට ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රතයින් 296 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More