දුරස්ථභාවය පවත්වාගෙන යාමේ සංකල්පයෙන් බැහැරව බස් රථ සහ දුම්රියවල ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට මගී ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය සේවා සඳහා බස් රථ හා දුම්රිය යෙදවීමට රජය කටයුතු යොදා තිබුණි. නමුත් ප්‍රමාණවත් ආදායමක් නොලැබීම නිසා බස් රථ හා දුම්රිය සේවා පාඩු ලබා ඇත.
සමාජ දුරස්ථභාවය මත මගීන් රැගෙන යාමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 50 කට ලබා දෙන ලෙස පෞද්ගලික බස් රථ සංගම් ඉල්ලා සිටියේය.
මේ පිළිබඳ ඇමැති මණ්ඩලයේදී ද සාකච්ඡා කළ බව ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට අවසර ලබා දෙන අතර මගීන් සිටගෙන රැගෙන ගියහොත් නීතිය ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යාංශය තීරණය කර ඇත.
යම් හෙයකින් බස් රථ ධාවනයට එක් නොවුණහොත් පාසල් සිසුන් ප්‍රවාහන බස් රථද ලබන සතියේ සිට මගීන් රැගෙන යාම සඳහා ධාවනයට එක් කිරීමට රජය සැලසුම් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...