පුරවැසි කොලම

සති පහකට පසුව නවසීලන්ත වැසියන් වෙත පනවා තිබූ සමහර ”‍ලොක්ඩවුන්”‍ කොන්දේසි ඉවත් කිරීමට එරට රජය කටයුතු කර ඇත. කෝවිඞ්-19 වෛරසය පැතිරීමට එරෙහිව යම් රටක් විසින් පනවන ලද දුෂ්කරම කොන්දේසි ”‍කිවි වරුන්ට”‍ පනවා තිබුණේ වුවද ඔවුන් ඊට එරෙහිව වීදි බැස්සේ නැත.

එරට රජය විසින් මුළු රටම ආවරණය වන පරිදි හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කර පැහැදිලි හා නිශ්චිත හදිසි නීති රෙගුලාසි පනවා තිබුණි. ඒ නිසා නවසීලන්ත සමාජයට යම් කාලයක් උතුරු කොරියාවේ මෙන් ජීවත් වන්නට සිදුවිය. නිවසින් පිට කිසිවෙකු සමග සම්බන්ධ වීම ඔවුන්ට තහනම් විය.

මාර්තු මාසයේදී නවසීලන්තයට සරත් සෘතුව එළැඹිණි. මැයි මාසය වන විට ශීත සෘතුව උදාවීමට නියමිතය. නිවාඩුවට යන විනෝද ගමන් හා ක‍්‍රීඩා කටයුතු සියල්ල ඔවුන්ගෙන් දුරස් කර තිබුණි. මුහුදේ පිහිනීම, බෝට්ටු පැදීම හා කඳු නැගීම ආදී කිසිවකට ඉඩක් නැත.කුඩා දරුවන් ක‍්‍රීඩා පිටි වලට යැවීම ද තහනම්ය. මඟු‍ල් තුළා, අවමංගල උත්සව ආදී කිසිවකට ඉඩක් නොමැති විය. ආපන ශාලා වලට පමණක් නොව ජංගම ආහාර අලෙවියට ද ඉඩක් නොලැබුණි.එමතුදු නොව කොණ්ඩය කැපීම පවා තහනම්ව පැවතුණි.

නවසීලන්ත අගමැතිනී ජසින්දා ආර්ඩන් නම්‍යශීලී හා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකාවක් වුවද ඇය පසු ගිය කාලයේ දැඩි තීරණ මත කටයුතු කරනු දක්නට ලැබුණි.

”‍ගෙදරම ඉන්න, ජීවිත රකින්න”‍ යන ”‍ජසින්දා මන්ත‍්‍රය”‍ ට අනුගත නොවූ වැසියන් 500 පමණ අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගිය අපේ‍්‍රල් 05 වනදා නවසිලන්තයෙන් එකවරම කොරෝනා ආසාදිතයන් 89 දෙනෙකු හමුවිය.ඉන් පසුව සොයාගන්නා ලද ආසාදිතයන්ගේ සංඛ්‍යාව අවම මට්ටමකට ළඟා කර ගැනීමට එරට සමත්ව ඇත. ලිපිය ලියන මොහොත වන විට එරටින් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 1474 ක් වන එයින්1229 ක්ම සුව වී තිබුණි.මරණ 19ක් වාර්තා වී ඇත. අද වන විට නවසීලන්තය දිනුම් කනුව අද්දරට ළඟා වී ඇත.

පසු ගිය සතිය වන විට රෝගය පැතිරීමේ අගය ඉතා පහල මට්ටමකට පැමිණ තිබූ අතර එය කොරෝනා වසංගතය එරටින් තුරන් කිරීම උදෙසා අපේක්ෂිත ප‍්‍රමාණවත් මට්ටම බව සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරන ලදී. ඒ නිසාම පනවා තිබූ සමහර දැඩි කොන්දේසි යම් ප‍්‍රමාණයකට ලිහිල් කිරීමට අගමැතිනිය කටයුතු කර ඇත. සිව් වන මට්ටමේ තිබු සමාජ සීමාකිරීම් තුන් වන මට්ටම දක්වා අඩුකර ඇත. සමහර දරුවන්ට පාසැල් යෑමට හා 400000ක පමණ ජනතාවකට නැවත තම රැකියාවන්ට යෑමට හැකිය.

මේ වන විට නගර වලින් සුපුරුදු කෝපි සුවඳ වහනය වෙමින් පවතී. අවන් හල් වලට ගොස් ෆ්‍රෙන්ච් ෆ‍්‍රයිස්,බර්ගර් ආදී සුපුරුදු ක්ෂණික ආහාර ලබා ගැනීමට හෝ කෝපි කෝප්පයක් බීමට එරට වැසියන්ට බාධාවක් නොමැත.උද්‍යාන අලංකරණ මධ්‍යස්ථාන වලින් පැල මිලදී ගැනීම,නිවෙසින් බැහැරව සිටින තම පවුලේ සාමාජිකයන් හමුවීමට ආදී දෛනික කටයුතු වලට අනුගත විය හැකිය.

බොහෝ කලකට පසු නිවෙස් වලින් එකවර එලියට ගත් වාහන නිසා මාර්ග වල තදබදය වැඩිවී තිබුණි.”‍ගෙදරටම වාත වී අවුලෙන් සිටි”‍ ජනතාව පාලනය කිරීමට පොලිසියට දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නවසීලන්තය කෝවිඞ්-19 පිටුදැකීමේ ක‍්‍රියාන්විතයේදී ඉදිරියෙන්ම සිටින රටයි. කෝවිඞ්-19 වසංගතයට එරෙහිව එරට රජය ක‍්‍රියාකළ ආකාරයත්, රජය විසින් පැනවූ නීතිරීති වලට ජනතාව කීකරු වූ ආකාරයත් ලෝකයේම බලාපොරොත්තු ඉහල නංවන බවත් එකී සංවිධානය ප‍්‍රකාශ කර සිටියි.

වසංගතයට එරෙහිව නවසීලන්ත ප‍්‍රතිචාරය භූගෝලීය හෝ ආර්ථික වෙනස්කම් නොතකා සෙසු සියළුම රටවල් විසින් ආකෘතියක් ලෙස භාවිතා කළ හැකි බව වැඩිදුරටත් ඔවුන් පවසා සිටියි.

කෙසේ නමුත් නවසීලන්ත ජනතාවට ඉබාගාතේ ඇවිදීමට තවදුරටත් ඉඩක් නොමැත. කොන්දේසි ලිහිල් කරමින් ඇත්තේ පියවරෙන් පියවරය. වෙන් වෙන්ව සිට එකම සටනක නියැලිමෙන් පමණක් කොරෝනා මාරයා පැරදවිය හැකි බව නවසීලන්තය මේ වන විට ආදර්ශමත් ලෙස ඔප්පු කර ඇත.

ශානක ලියනගම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More