මහ මැතිවරණය ජුනි 20 වැනි දින පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් එතැන් සිට දින 14 ක් ගත වූ පසුව යළිත් වෙනත් ඕනෑම දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට පවතින බව ‘ෆැපරල්’ සංවිධානය පවසයි.
පවතින තත්ත්වය අනුව සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පැවැත්විය යුතු වුවත් මැයි 10 දිනෙන් පසුවවත් ඒ සඳහා සුදුසු වටපිටාවක් ඇති බවට සෞඛ්‍ය අංශයෙන් තීරණයක් අවශ්‍ය වේ.
එසේ නොවුවහොත් ජුනි 20 වැනි දින මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත තත්ත්වයක් මතුවන බැවින් එතැන් සිට දින 14 ක් ගිය පසුව එනම් ජූලි 04 වැනිදායින් පසු යළි මැතිවරණය පැවැත්වීමේ දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ බලයත් මැතිවරණ කොමිසමට හිමිවන බව ෆැපරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...