දේශීය පුවත්

ලොව පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා තත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් වාර  04 ක් සංවිධානය කර තිබේ .

මෙම ගුවන් ගමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය , එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එම රටවල සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරි මැදිහත් වීමෙන් සැළසුම් කර තිබේ .

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් ගමන් වාර 03 ක් මෙම මැයි මස 03, 04 සහ 05 යන දිනවල බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර  , හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .

ඒ අනුව එම ගුවන් යානා එම දිනවල උදෑසන 9.30 ට හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්වී , පසුදින මධ්‍යම රාත්‍රී 12.45 ට මෙම ගුවන් යානා  කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය  එසේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන මැයි මස 08 වැනි දින උදෑසන  8.15 ට එම ගුවන් තොටුපළෙන් පිටත් වන ශ්‍රී ලන්කන් ගුවන් යානය එදිනම දහවල් 2.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය . මෙම වැඩසටහන පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීම සදහා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වලින් විමසීම් කරන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනුම් දීමක් ද සිදු කර තිබේ .

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More