දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනය සඳහා රාජ්‍ය බුද්ධි අංශයේ කාර්යභාරය පැහැදිළි කිරීමේ සජීවී වැඩසටහනක් අද(2) පෙරවරුවේ පැවැත්වුණා.

එයට සහභාගී වී සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතායි.

එහිදී රාජ්‍ය බුද්ධි අංශය හදුනාගත් කොරෝනා වෛරසය පැතිරී ගිය පොකුරු 31 හදුනාගත් බවත් එයිනුත් ප්‍රබල පොකුරු 7ක් පිළිබඳව ඔහු අනාවරණය කළා.

ඒ අනුව එම පොකුරු පහත පරිදි වේ

1) සංචාරක මග පෙන්වන්නාගේ පොකුර – මාර්තු 11

2) මැණික් ව්‍යාපාරිකයාගේ පොකුර – බේරුවල

3) විදේශිකයන්ගේ පොකුර – ඉතාලි , ඩුබායි සිට පැමිණි අය

4) ආගමක කටයුත්තක් සඳහා විදේශ ගතවෙලා පැමිණි පොකුර – පුත්තලම ප්‍රදේශයේ පිරිස

5) සුදුවැල්ල පොකුර – මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය

6) බණ්ඩාරනායක මාවතේ පොකුර

7) නාවික හමුදාවේ පොකුර

මෙම පොකුරු 7 තුලින් ජනතාව බොහෝ කතා බහට ලක් කළේ නාවික හමුදා සෙබළුන් පිරිසයි.

ඔවුන්ට මෙම වෛරසය අසාදනය වුයේ කෙසේද ?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා සඳහන් කළේ වැලිසර නාවික කඳවුරේ සෙබළුන් විසින් සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායනය සඳහා අකමැත්ත පළ කර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිසක් මැඩපවත්වා ඔවුන් නිරෝධායනය සඳහා ගෙන යාමට  කටයුතු කරනු ලැබු බවයි.

එසේ මෙම කටයුත්තට ගිය නාවික හමුදා සෙබලෙක් වැලිසර නාවික හමුදා කඳවුරේම විදුලි කාර්මික අංශයේ සෙබළෙකු සමඟ සම්බන්ධ වීමෙන් මෙම රෝගය ආසාදනය වී තිබෙන බව ඔහු සඳහන් කලා .

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ  රාජ්‍ය බුද්ධි සේවයේ සහකාර අධ්‍යක්ෂවරයා ,

“මේ වැලිසර  කඳවුරේ එකිනෙකාට වෙන් වෙන් කුටි පිහිටලා නෑ.  එක කණ්ඩායමක් ඉන්නවා 40ක් හරි 50ක් හ‍රි. ඉතින් ඒ නිසා මේ වගේ තැනකදි ඒ වගේ ආසාදනයක් සිදු වුණාම  එය ආසාදනය වෙන්න ඉඩ ප්‍රස්ථාව තියෙනවා. ඒ නිසා තමයි ඇත්තටම මේ සිද්ධිය වුණේ.

නමුත් දැන් අපි ඒ නාවික හමුදාවේ සිද්ධියත් සම්පූර්ණයෙන්ම අපේ පාලනයට නතු කරගෙන ඉවරයි. ඉදිරි දින කිහිපයේදී වාර්තා වෙන ආසාදිතයන්  ප්‍රමාණයෙන් ඒක දැනගන්න පුළුවන්”

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කලේ එම කදවුරේ 2000 වගේ පිරිසක් සිට ඇති බවයි. එයින් නිවාඩු ලබා පිටව ගොස් සිටි ගණන 800ක් බවත් එයින් මෙම සුදුවැල්ල සිද්දියෙන් පසුව නිවාඩු ගොස් සිටි පිරිස 254ක් බව හදුනා ගත් බවයි.

ඔවුන්ගේ තොරතුරු කඩිනමින් සොයා බලා නිවාස 800ක් සොයා ගත් බවත්, එයින් ඔවුන්ගේ සමීපතමයන් බොහෝ පිරිසක් ආරක්‍ෂිත නිවාස වෙත (නිරෝධායන මධ්‍යස්ථාන) වෙත යොමු කරනු ලැබූ බවත් අන් අය ස්වයං නිරෝධායනයට යොමු කල බවත් ඔහු සඳහන් කළා.

මේ සියලු දේ ඉතා කෙටි කලකින් ත්‍රිවිධ හමුදාවේ සහයෝගයෙන් සිදු කල බව ඔහු අවධාරණය කර සිටියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More