”වෙසක් පෝය පහුවෙනකම් රටේ තත්ත්වය මේ ආකාරයෙන්ම පවත්වාගෙන යාම යෝග්‍යයි …”යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි .
රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙනතුරු ජනතාවට කොපමණ කාලයක් බලාසිටීමට සිදුවේද? යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා එසේ කීය.
මෙහිදී තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කියා සිටියේය.
”මීට දින කීපයකට පෙර රට ක‍්‍රම ක‍්‍රමයෙන් විවෘත කිරීමේ මට්ටමකට ඇවිත් තිබුණා. නමුත් නාවික හමුදා සෙබළුන්ට කොරෝනා ආසාදනය වීමත් එක්ක ඒ තීරණය වෙනස් වුණා. කොහොම වුණත් දැන් ඒ තත්ත්වයත් පාලනය කරමින් තිබෙනවා. කොළඹ තත්ත්වයත් දැන් යහපත්. කොහොමත් වෙසක් පහුවෙනකම් රටේ තත්ත්වය මේ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සුදුසුයි. ඉන්පසුව මේ තත්ත්වය යහපත් නම් රට සාමාන්‍ය තත්ත්වයට ටික ටික පත්වේවි. නමුත් ඒ ගැන නිශ්චිතවම කියන්න බැහැ…”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...