මැයි මස 04 වැනිදාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විසුරුවා හරිනලද පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ට අරලියගහ මන්දිරයේ රැස්වීමකට කර තිබෙන කැඳවීම අනුව එක්සත් ජාතික පක්ෂය ඊට සහභාගී වීමට තීන්දු කොට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් ඒ සම්බන්ධයෙන් වූ අවසාන තීන්දුවක් රැස්වීමට පෙර දින එනම් මැයි 03 වැනි ඉරිදා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන රැස්වීමක දී තීන්දු කරන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය සමඟ ජනබලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද එම රැස්වීම වර්ජනය කරන බව ප්‍රකාශ කොට තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...