වැලිසර නාවික හමුදා කදවුරේ රාජකාරී කළ සෙබලෙන් පසුගිය 11 වැනිදා වාරියපොළ – නැටිය- මලගනේ පිහිටි සිය නිවසට ගොස් නැවත සේවයට වාර්තා කර ඇත.
අදාළ සෙබලාගේ බිරිදගේ සහ දරුවන්ගේ සුවදුක් බැලීමට නිවසට පැමිණි අදාල නාවික සෙබලාගේ පියාට සහ සහෝදරයාට එම ප්‍රෙද්ශයේ පිරිසක් විසින් පහරදීමක් සුදකර ඇත්තේ නාවික සෙබලාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහු නිවසේ සගවාගෙන ඇති බවටත් චෝදනා කරමිනි.
පහර කෑමෙන් තුවාල ලැබූ සෙබලාගේ පියා සහ සහෝදරයා වාරියපොල රෝහළේ ප්‍රතිකාර ලබන අතර පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂ ආරම්භ කර ඇත. මෙම සිද්ධියට අදාල සැකකරුවන් 4 දෙනෙක් මේ වන විටත් හදුනාගෙන ඇති අතර ඔවුන් හෙට දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...