පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස නියෝජනය කරන සංවිධානය සහ රජය අතර ඇතිකරගන්නා ලද එකඟතාවයක් අනුව රජයේ අධීක්ෂණය යටතේ රජය විසින් ලබා දෙන සාම්පල් 400 ක් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව එක් රෝහලකින් 100 ක් බැගින් රෝහල් 4 ක් මඟින් එම පරීක්ෂණ සිදුකෙරෙන අතර ඒ සඳහා රජය විසින් ගෙවීම් සිදුකරනවාද යන්න පැහැදිළි නැත. කෙසේ වෙතත් එක් පරීක්ෂණාගාරයකින් කිසිඳු ගැටළුවක් නොමැතිව ඉතා පහසුවෙන් දිනකට PCR පරීක්ෂණ 200 ක් සිදුකළ හැකි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ පැත්තෙන් සාම්පල ලබා ගැනීමේ සහ ඒවා එකතු කොට ප්‍රවාහනය කිරීම පිළිබඳව ගැටළු පවතින බැවින් දැනට 100 ක ධාරිතාව ප්‍රමාණවත් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...