දේශීය පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ‘තුරු මිතුරු-නව රටක්’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර හමුදා මූලස්ථානය අසල අක්කර 12 ක භූමි ප්‍රමාණයකින් යුත් අස්වද්දනු ලැබූ කුඹුරුවල අස්වනු නෙලීම සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අද(30)  උදෑසන සිදු විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ අත්වැල් බැඳගත් මෙම ව්‍යාපෘතිය 2019 දෙසැම්බර් 30 වන දින  ආරම්භ කළ අතර එහි පළමු අදියර යටතේ කිලෝමීටර් 1.7 ක දුරක් ආවරණය වන පරිදි නව හමුදා මූලස්ථානය හරහා දිවෙන මාර්ගයේ දෙපස අරලිය පැළ 170 ක් සිටුවීම සිදුකරනු ලැබිණ‍ .

ව්‍යාපෘතියේ දෙවන අදියර 2020 ජනවාරි 14 වන දින ආරම්භ වූයේ අක්කර 12 ක අතහැරදමා තිබූ කුඹුරු අස්වද්දමිනි.

එසේම ඊට සමගාමීව මී, කොබෝනීල , කරඳ වැනි පැළ 140 ක්ද  රෝපණය කරන ලදී.

එසේම මෙහි තෙවන අදියර යටතේ ශාරීරික ව්‍යායාම උපාංග හතරක් සහිත ශාරීරික ව්‍යායාම මංතීරුවක් ස්ථාපනය කිරීම,  පොල් පැල 100 ක් සිටුවීම, මිරිදිය හා විසිතුරු මසුන් 20,000 ක් මුදාහැරීම ඇතුළු වැඩසටහන් රැසකින් සමන්විත විය.

එලෙස රෝපණය කළ සියලු පැළ රෝපණය කිරීමට බිම් සැකසීමේ සිට සිට සියලුම නඩත්තු කටයුතු යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු විසින් සිදු කරනු ලබන අතර ඒ වෙනුවෙන් අදාළ රෙජිමේන්තුවල රෙජිමේන්තු අධිපතිවරන්ගේ සිට සාමාන්‍ය සෙබළා දක්වා දක්වන දායකත්වය සහ කැපකිරීම විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය.

ඊට අමතරව දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතවද මෙම ව්‍යාපෘතින්ට සමගාමීව රුක් රෝපණ වැඩසටහන් සහ කුඹුරු අස්සැද්දීම් සිදුකරනු ලැබූ අතර ඒ තුළින් වනගහනය ඉහළ නැංවීමටත් , රටේ සහල් අවශ්‍යතාවය වෙනුවෙන් දායකත්වය ලබා දීමත් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබේ.

රන් අස්වනු නෙළීමේ මංගල්‍යයට එක්වෙමින් යුද්ධ හමුදාධීපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.

අපි පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ දී තුරුමිතුරු නව රටක් ව්‍යාපෘතිය ආරම්භ කළා රජයේ ප්‍රතිපත්තියට සමගාමීව.

අපි මුලින්ම යුද්ධ හමුදා හමුදා පරිශ්‍රයට පිවිසෙන මාර්ගය දෙපස ගස් වවන්න පටන් ගත්තා.

ඊට පස්සේ අත්හැර දමා කැලෑව වැවිලා තිබුණු අක්කර 12ට භූමියක් වගාකරන්න පටන් ගත්තා. අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂ මණඩලටය ඒ වෙනුවෙන් වැඩකරන්න පටන් ගත්තා.

අද තමයි ඒ අස්වද්දපු කුඹුරේ අස්වනු නෙළන දවස‍. මේ කුඹුරේ විශේෂත්වය තමයි අපි මේ කුඹුරට කිසිම රසායනික ද්‍රව්‍ය භාවිත කළේ නෑ. ඒ වගේම තමයි මේ කුඹුර වටා තියෙන මහ නියර අපි මිනිස්සුන්ගේ ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් භාවිත කරන්න ව්‍යායාම මංතීරුවක් ඉදිකළා. ඒ වෙනුවෙන් අපිට මේ අවට ජනතාව ස්තූතිවන්ත වෙනවා.  අපි මෙතතනින් නවතින්නේ නෑ.

අපි දිසාපතිවරුන්ගෙන් පවා ඉල්ලුවා අත්හැර දැමූ බිම් තියෙනවා නම් දෙන්න කියලා.

අතිගරු ජනාධිපතිතුමා සහ අගමතිතුමා අපිට සැලසුමක් ලබා දීලා තියෙනවා ඉදිරියටට කටයුතු කරන විදිහ ගැන. ඒ සැලසුමට අනුව අපි අපේ රට තනියෙන් හිටගන්න පුළුවන්  තැනකට ගේනවා.

කොවිඩ්-19න් ලෝකයම පීඩා විඳීන වෙලාවක අපි අපේ රට ලෝක සිතියමේ සුවිශේෂි වූ රටක් බවට පත්කරලා හිටපු තැනට වඩා සෑහෙන්න ඉදිරියට යන්න පුළුවන් හැමදෙක්ම අපි කරනවා. යැයි යුද්ධ හමුදාධීපතිවරයා පැවසීය.

මෙලෙස නෙළාගන්නා  වී අස්වැන්න මෙරට සහල් අවශ්‍යතාවන් වෙනුවෙන් යොමුකරනු ලබන අතර විශේෂත්වය වන්නේ කුඹුරු බිම් සැකසීමේ සිට වී අස්වනු නෙළීම දක්වා වූ සියලුම කටයුතු වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික දැනුමත් මානව ශ්‍රමයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළුන් විසින් ලබා දීමයි.

මෙම ව්‍යාපෘති යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ හිටපු  විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහආරම්භක සම්බන්ධීකාරක වශයෙනුත් වර්තමානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර සහ කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එම්.ආර්. වන්නිආරච්චි විසින් මෙම ව්‍යාපෘති සම්බන්ධීකරණය කටයුතුත් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More