දේශීය පුවත්

ගොවියා, පාරිභෝගිකයා සහ නිෂ්පාදන සැපයුම්කරු අතර යාන්ත්‍රණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළෙඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා  අපනයන අමාත්‍යාංශ ලේකම්වරු සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සමග විමර්ශන සාකච්ඡාවක් අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

වෙළෙඳ, අපනයන, පොහොර ඇතුළු සේවා සැපයුම්, තොග සැපයුම්කරුවන්,තොග ගැනුම්කරුවන්, භාණ්ඩ එකතුකරන්නන්, හෝටල් වැනි මහා පරිමාණ ගැණුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා වූ කෘෂි බෝග අලෙවිකරණයට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව  දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

කෘෂි අස්වැන්න සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරග කිරීමේ හැකියාව ලබා දීමටද මින් අපේක්ෂා කෙරේ. පහසු සහ සරල තාක්ෂණය භාවිත කරමින් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධවීමේ හැකියාව තිබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මෙහි අවසන් ප්‍රතිඵලය භව බෝගයෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව රාජපක්ෂ මහතා පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, තාක්ෂණය මගින් යා කරමින් ගොවියා සහ ගැනුම්කරුවා පහසුවෙන් සම්බන්ධ කිරීමට ද ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගත හැකිය. එමගින් අතරමැදියාගෙන් ලැබෙන මුදලට වඩා වැඩි මිලක් ගොවියාට ලබා ගැනීමට ද හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රටේ පාරිභෝගික අවශ්‍යතා සමීක්ෂණයට ද මේ ක්‍රමය දායක කරගත හැකිය.

මධ්‍යම ගමනා ගමන මණ්ඩලය, දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුවද ඩිජිටල් තාක්ෂණ මෙහෙයුම් ප්‍රවාහන ක්‍රියාවලියට එක් කරගත යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද සාකච්ඡාවට එක් වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More