දේශීය පුවත්

කොවිඩ් ව්‍යාප්තිය අතරතුර ඩෙංගු සහ මී උණ පැතිර යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ අවස්ථාවේ දැඩි සහ නිසි ක්‍රියාමාර්ග ගනිමින් එම රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ක්ෂේත්‍ර මට්ටමේ නිවාරණ වැඩසටහන් වඩාත් ශක්තිමත් කළ යුතු බවයි.

කොවිඩ්, ඩෙංගු සහ මී උණ යන රෝග තුනට අදාළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු තරම් ඉහළ මට්ටමකින් වාර්තා වුවහොත් එය මෙරට රෝහල් සහ ප්‍රතිකාර පද්ධතියට දරාගැනී‍ම් මට්ටම අබිබවා යෑමේ අවදානමකට මුහුණ පෑමක් බවද එම සංගමය අවධාරණය කරයි.

සෞඛ්‍ය අංශවල සහ ජනතාවගේ අවධානය කොවිඩ් වෙත යොමුවීම හේතුවෙන් ඩෙංගු සහ මී උණ පැතිර යා හැකි බවද සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ අතර ඩෙංගු රෝගය යළි හිස එසැවීමේ අවදානමක් පවතින බව රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා පවසයි. කළ සමීක්ෂණවලදී ඩෙංගු කීටයන් බෝවීමේ ප්‍රතිශතය (බ්‍රිටෝ දර්ශකය) ඉහළ ගොස් තිබෙන බව හඳුනාගෙන ඇත.

කඩින් කඩ ඇද හැලෙන වැසි සමග අප්‍රේල් මාසයේ අවසන් සතියේ සහ මැයි මාසයේ යළි ඩෙංගු බෝවීමේ අවදානම තිබෙන බව පැවසූ ජයමිණි මිගෙල්හේවා පවතින කොරෝනා ව්‍යසනය හේතුවෙන් සෞඛ්‍ය අංශයේ ඇස ගැටීම ඩෙංගු කෙරෙහි අඩුවී තිබෙන බැවින් තම නිවාස පරිශ්‍ර අවට පිරිසුදුව තබාගැනීමට උනන්දු වන ලෙස අවවාද කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More