පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කරන්නයි ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ලබන මැයි මස 05 වෙනිදා දක්වා කල් තබා තිබෙනවා.
ඒ අද (30) එම පෙත්සම කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.
මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නීතිඥවරයෙක් අධිකරණය හමුවේ පෙනී සිට නොමැත.
ඒ හේතුවෙන් පෙත්සම් විභාගය මැයි මස 05 වෙනිදා දක්වා කල් තැබූ අභියාචනාධිකරණය ඊට අදාළ නොතීසි වග උත්තරකාර පාර්ශවය වෙතට ලැබීමට සලස්වන්නැයි පෙත්සම් පාර්ශවයට දන්වා සිටියා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...