දේශීය පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගත යුතු බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා සඳහන් කරන්නේ සමරවීර මහතා විසින් රාජ්‍ය නිලධාරීන්, ජනතාව සහ රට නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.

පසුගියදා සමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක ජනාධිපතිවරයාට රාජ්‍ය මුදල් භාවිත කළ නොහැකි බවත් එය නීති විරෝධී බවත් සඳහන් කර තිබේ.

එමෙන්ම ඒ ආකාරයෙන් මුදල් භාවිත කළහොත් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බවයි සමරවීර මහතා සිය ලිපිය මගින් දක්වා ඇත.

නමුත් අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ඇති මුදල් බලතල පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වන බවය.

එවන් තත්ත්වයක් යටතේ සමරවීර මහතා රට නොමග යැවීමට කටයුතු කර ඇති බවත්, ඒ ආකාරයේ අසත්‍ය චෝදනා සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

නාවලපිටිය නගරයේ විෂබීජහරණ වැඩසටහනට අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

වාර්තාකරු – රංජිත් රාජපක්ෂ (හැටන්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More