දේශීය පුවත්

වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොරෝනා වෛරසය පැතිර යාම ඒ සෙබළුන්ගේ වරදක් නොව තීන්දු තීරණ ගත් අයගේ වරදක් බවත් දැන්වත් ආරක්ෂක හමුදා සාමාජිකයින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කරයි.

“රෝගීන් අවසන් 100 දෙනා වාර්තා වුණේ දින දෙකකින්. මේ විදියට එක දවසට රෝගීන් 100 ගාණෙ වුණත් එන්න පුළුවන් අපි පාලන කටයුතු පිළිබඳ හරි අවබෝධයක් ඇතුව වැඩකළේ නැත්නම්. මේ දවස් දෙකකට කලින් රෝගීන් වාර්තා වීම පිළිබඳ ලංකාවේ ගත්ත සිතියම. මේකෙ ලංකාව පුරාම රෝගීන් වාර්තා වෙනවා. මේකෙ හැරවුම් ලක්ෂ්‍යය තමයි වැලිසර නාවික හමුදා කඳවුරේ මතුවෙච්ච බලාපොරොත්තු නොවිච්ච අවාසනාවන්ත සිද්ධිය. ඒකත් එක්ක රට අලුත් දිශාවකට ගමන් කරලා තියෙනවා.

අපි මෙච්චර දවසක් රෝගීන් නැහැයි කියලා ආරක්ෂිතයි කියලා හිතපු ප්‍රදේශ මේ වෙනකොට රෝගය ආක්‍රමණය කරලා තියෙනවා. මීට කලින් කොළඹ ගම්පහ කලුතර පුත්තලම ඒ තීරය තමයි අවදානම් කලාප හැටියට වාර්තා වුණේ. නමුත් අද වනවිට තත්වය වෙනස් වෙලා තියෙනවා.

මේ මොහොතේ අවදානම් තත්වයක් මතුවෙලා තියෙන්නෙ. මේක භයානක තත්වයක් හැටියට අපි හඳුන්වන්නෙ නැහැ. මොකද මේ තත්වය තාමත් අපට පාලනය කළහැකි මට්ටමක තියෙන්නෙ. හැබැයි මම නමුත් කියලා කෑල්ලක් දානවා, සෞඛ්‍ය බලධාරීන් දෙන උපදෙස් අනුව කටයුතු කළොත් අපට මේක පාලනය කරගන්න පුළුවන්.

වැලිසර නාවික කඳවුරේ සිද්ධියත් එක්ක මේ වෙනකොට අපි ඒ රෝගීන් සහ ස්පර්ශකයන් මුල් පෙලේ ගැටිච්ච සියලු දෙනා ආවේක්ෂණය කරමින් ඉන්නෙ. ඒ ක්‍රියාවලිය අවසන් කරන්න දවස් 5ක් 6ක් සතියක් ගතවෙන්න පුළුවන්. ඒ කාලය තුළ ජනතාව සමාජ දුරස්ථභාවය පත්වාගත්තොත් අපට තාමත් මේ පොකුරු සංඛ්‍යාව අපේ පාලනය යටතේ තියෙන්නෙ.

නාවික කඳවුරේ සිද්ධියෙදි වැරැද්ද අපි හඳුනාගන්න ඕනෙ නැවත මේක නොවෙන්න. බණ්ඩාරනායක මාවතෙදි වුණත් මේ මට්ටමට අපි මේක දැක්කෙ නෑනෙ. එතකොට මොකක් හරි දෙයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. එක්කෝ වෛරස් එකේ වෙනසක් වෙලා තියෙනවා නැත්නම් රෝග පාලනයේ වැරැද්දක් වෙලා තියනවා.

රෝග පාලනය සම්බන්ධ තාක්ෂණික උපදෙස් දෙන එකේ ප්‍රධානතම වගකීම එන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි දැනටත් කියන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙවල්වල හිටපු හමුදා සෙබළු දැන් ඔක්කෝම බැරැක්කවලට එනවා. සමහරු නිරෝධායනයට ලක්වෙලා ගෙවල්වල හිටපු අය. එතකොට ඒ අය නිරෝධායනය නොවුණු පිරිස් එක්ක කලවම් වෙන්න බෑ. රෝගීන් රෝගය ව්‍යාප්ත කරන නමුත් රෝග ලක්ෂණ නැති අය වුණත් ඒ අය සහ නිරෝගී අය කවලම් වෙන්න බෑ. අපි දන්නවා ආරක්ෂක හමුදාවල මේ තාක්ෂණික දැනුම තියෙන අය ඉතාම අඩුවෙන් ඉන්නෙ.

ඒ හින්දා සෞඛ්‍ය අංශවල වගකීම තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ඉඳලා වසංගත රෝග අංශය විශේෂයෙන්ම මේ සියලුම හමුදා කඳවුරු ආවේක්ෂණය කරලා, ඒ තැන්වලට ගිහිල්ලා, කණ්ඩායම් යවලා ඒ අයට හරි උපදෙස් දෙන්න. මොකද අවසානයෙදි මේ රටේ වැඩි බරක් කරට අරගෙන නිරෝධායනය ගෙනිච්චෙ ආරක්ෂක හමුදාව. ඒ අය නිරෝගීව තබාගැනීම අපේ ජාතික වගකීමක් වෙලා තියෙනවා. ඒ අහිංසක සොල්දාදුවන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නෙ, මේ තීරණ ගන්න ක්‍රියාවලියෙ ඉන්න පිරිස ගත්ත සමහර තීරණ නිසා තමයි මේ ප්‍රශ්නෙ ඇතිවෙලා තියෙන්නෙ. ඒනිසා අපි විශෙෂයෙන් සෞඛ්‍ය අංශවලට කියනවා මේ ආරක්ෂක අංශ ආරක්ෂා කරගන්න විශේෂ වැඩපිළිවෙලක් හදන්න කියලා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More