විදේශ පුවත්

තම රාජ්‍යය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය ගෙන ඇති තීරණය කිසිසේත් පිළිගත නොහැකි බව රුසියාව පවසයි. බි‍්‍රතාන්‍යයේ සිටින රුසියානු රාජ්‍ය තාන්ත‍්‍රිකයන් 23 දෙනකු වහාම නෙරපීමටත් දෙරට අතර ඉහළ පෙළේ සම්බන්ධතා නැවැත්වීමටත් බි‍්‍රතාන්‍ය පෙරේදා පියවර ගෙන තිබුණි.

එම පියවර හා බි‍්‍රතාන්‍ය එල්ල කරන චෝදනා රුසියාව ප‍්‍රතික්ෂේප කරයි. රුසියාව පෙන්වා දෙන්නේ රුසියානු රහස් ඔත්තුකරුගේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට ‘සැඟවීමට කිසිවක් නොමැති’ බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රුසියානු නියෝජිත වසිලි නෙබන්සියා ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ මේ පිළිබඳ වඩාත් බරපතළ ලෙස සිතන ලෙසයි.

බි‍්‍රතාන්‍ය අගමැතිවරියගේ රුසියාව පිළිබඳ නිවේදනය කිසිසේත් පිළිගත නොහැකි බව ද ඔහු පවසා ඇත. බි‍්‍රතාන්‍යය මේ පිළිබඳ දිගින් දිගටම විමසනවිට නිහඬව සිටි රුසියාව එම කාලය තුළ කරන ලද්දේ මෙම සිදුවීමේ සැබෑ තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටීම බව ද නෙබන්සියා පවසා ඇත.

එමෙන්ම එක්සත් රාජධානියේ සැල්ස්බරි හි ජීවත් වූ රුසියාව හා බි‍්‍රතාන්‍යයට ‘ඩබල් එ්ජන්ට්’ ලෙස කටයුතු කළ රුසියානු ඔත්තුකරුට සහ දියණියට විෂ ශරීරගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘තමන්ට කරන්නට කිසිවක් නැතැ’යි ද රුසියාව පෙන්වා දී ඇත.

මේ අතර බි‍්‍රතාන්‍යය රුසියාව සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා අත්හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සහාය දක්වන බවට අමෙරිකාව පවසා තිබේ. ජාත්‍යන්තර සබඳතා හා වෙනත් රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් රුසියාවේ හැසිරීම හොඳ නැතැයි ද අමෙරිකාව පවසා තිබේ.

කෙසේවෙතත් බි‍්‍රතාන්‍ය පෙර පැවසූයේ රුසියානු රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට රටින් පිටවීමට සතියක කාලයක් ලබාදෙන බවයි. එහෙත් ඊයේ දිනයේ නිවේදනය කර තිබුණේ ඔවුන් හැකි ඉක්මනින් පිටත් කර යවන බව ය. බි‍්‍රතාන්‍ය වියරු වැටුණු විලසින් හැසිරෙන බවට ද රුසියාව චෝදනා කරයි.

66 හැවිරිදි සර්ගෙයි ස්ක‍්‍රිපාල් බි‍්‍රතාන්‍යයේ සිටි රුසියානු රහස් ඔත්තුකරුවෙක් වන අතර ඔහු 2006 දි නීතිය හමුවේ වැරදිකරුවකු විය. එ් රුසියාවේ රහස් ඔත්තුකරුවකුව සිටිමින් බි‍්‍රතාන්‍යයට ද ඔත්තු සැපයීම හේතුවෙනි. ඔහු හා ඔහුගේ 33 හැවිරිදි දියණිය විෂ ශරීරගතවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් ප‍්‍රතිකාර ලබයි. එය රුසියානු නියෝජිතයකු වන නොවිෂොක් ලවා කරවන ලද රසායනික ප‍්‍රහාරයක් බවට පසුව සොයා ගැනිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More