දේශීය පුවත්

කෙරෝනා වසංගතය සමඟ ඇද වැටෙන ගෝලීය ආර්ථිකය තුල ශ්‍රී ලංකාව නැගී සිටින්නේ කෙසේ දැයි සමාජය තුල ප්‍රබල සාකච්ඡාවක් මතුවී ඇත. එසේම රජයේ පැත්තෙන් ගෝලීය ආර්ථික අවපාතයට මුහුණදීම හෝ එසේ මුහුණ දෙමින් නැගී සිටීම හෙවත් ආර්ථික පුනර්ජීවනයක් සඳහා වන වැඩපිළිවෙළක උවමනාව පිළිගනිමින් කාර්යසාධක බලඇනියක් පවා පිහිටුවා ඇත.

එහිදී මෙතෙක් පැමිණි පාරදිගේ තවදුරටත් ඉදිරියට යන අතර වාහනයේ බෝඩ් ලෑල්ල පමණක් වෙනස් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිපල ලබා ගත හැකිද යන ප්‍රශ්ණය බොහෝ පාර්ශව වලින් ඉදිරිපත් වේ. එහෙත් මෙතෙක් පැමිණි පාරෙන් හැරෙන්නේ කුමන දිශාවටද යන්න පිළිබඳ පැහැදිළි එකඟතාවයක්ද දක්නට නැත. කෙසේ වෙතත් පාර වෙනස් කිරීමට හෙවත් හැරවුමකට සුදුසු සන්ධිස්ථානයට රට පැමිණ ඇති බවට පුළුල් එකඟතාවයක් තිබෙන බව ඉතා පැහැදිළිව දක්නට ඇත.

ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය මේ පූර්විකාව ලියන්නේ වෙබ් අඩවියට ලැබෙන ඇමතුම් සහ ලිපි මඟින් ඉදිරිපත් කරන අදහස් ඉතා පුළුල් පරාසයක විහිදෙන බැවිනි. විශේෂයෙන්ම මහා ” හැරවුමකට ” අදාළ උපාය මාර්ගික ප්‍රවේශය හෙවත් නව පාරකට හැරවූ බව හඳුනා ගැනීම සඳහා වන මඟ සලකුණු පිළිබඳ නිෂ්චිත පැහැදිළි කිරීම් හෝ නිර්දේශ එම අදහස් තුල දක්නට ලැබෙන්නේ මඳ වශයෙනි. තත්වය එසේ තිබියදී ” පාත් ෆයින්ඩර් ” වැනි ප්‍රභල රාජ්‍ය නොවන සංවිධාන වලින් පාර වැරැද්ද වීමේ මහා මෙහෙයුමක් දියත් කොට ඇත.

ඔවුන් එක් පැත්තකින් රජයට යෝජනා ඉදිරිපත් කරති. එනම් පරන වයින් අළුත් බෝතල් වලට දමා උසස් නිලධාරීන්ට සහ විද්වතුන් යැයි කියාගන්න පිරිස් වලට වෙරිවෙන තෙක් පොවති. අනෙක් පැත්තෙන් සමාජය තුල දක්වමින් සංවාදය වැරදි පැත්තකට යොමු කරති. ඒ සඳහා ” සිරිමාවෝ යුගයට ආපසු යෑම “, ” සංවෘත ආර්ථිකයක් ද විවෘත ආර්ථිකයක් ද “, ” ස්වයංපෝශී ආර්ථිකයක්ද ආපනයන ආර්ථිකයක්ද ” ආදී වශයෙන් විවිධ ලේබල් යටතේ සංවාද දිරිපන්වති. එහිදී බොහෝ පිරිස් එසේ ” ලේබල් ” මුල්කරගත් සංවාදවල යෙදෙන්නේ සද්භාවයෙනි.

ඒ හා සබැඳි ලිපියට පහතින් පිවිසෙන්න –

සාගරයක් මැද !



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More