දේශීය පුවත්

සමාජ මාධ්‍ය ඔස්සේ පලවන ඡායාරූපයක් පිළිබඳ අදහස් පළ කරමින් යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, රණවිරුවා රැක ගැනීමට උපරිමයෙන් කැප වෙන බවයි.

අද(30) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමඟ සජීවිව එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් රණවිරුවන් පිරිසක් ගොඩනැඟිල්ලක බිම ඇතිරිලි යොදා ගෙන නිදා සිටින ඡායාරූපයක් සංසරණය වන බවත් එම ඡායාරූපය පිට රටක සිට පළ කර ඇති බවත් යුද හමුදාපතිවරයා අද දෙරණට පැවසීය.

නිවාඩු ලබා සිටි හමුදා නිලධාරීන් නැවත ගෙන්වා ගැනීමේ දී පිටතින් ගොඩනැඟිලි 11 ක් ලබා ගත් බවත් ඒ කොළඹ, මුලතිව් හා මධ්‍යම පළාතෙන් වන බවත් පැවසු හමුදාපතිවරයා, එම පළ කර ඇති ඡායාරූපය එවැනි ස්ථානයක නොවන බවත් කියා සිටියේය.

නමුත් නාවික හා ගුවන් හමුදාව විසින් ලබා ගත් ස්ථානයන් පිළිබඳව මේ වන විට පරික්ෂණ පවත්වන බවත් කිසි දිනක රණවිරුවන්ට මෙලෙස සැලකීමට කටයුතු කර නැතැයි ද යුද හමුදාපති වරයා පැවසීය.

රණවිරුවන්ට ‍ගස් මුල් මත නිදා ගෙන පුරුදු බවත් තමා ද අද සිටින නිලයට පැමිණීමට පෙර යුද්ධය පැවති කාලයේ ඕනෑ තරම් එවැනි අසීරු අවස්ථාවන්ට මුහුණ දී ඇතැයි ද ඉතා සන්වේදීව පැවසු යුද හමුදාපතිවරයා, මීට පෙර නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කල මොහොතේ ද රණවිරුවන් ජනතාව වෙනුවෙන් සිය ඇඳ ලබා දී බිම නිදා ගත් බවත් කියා සිටියේය.

රණවිරුවා සිය ඇඳ ලබා දී බිම නිදා ගන්නේ රටේ ජනතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන්ව ඇදේ නිදි කිරීමට බවත් පැවසු යුද හමුදාපතිවරයා “විරෝධාර රණවිරුවන් ” සැමදා ජනතාව වෙනුවෙන් ජීවිත පුජා කළ බවත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More