දේශීය පුවත්

ජනාධිපති ප්‍රමුඛ රජයට අදින් (අප්‍රේල් 30) පසුව රජයේ වියදම් දැරීමට ව්‍යවස්ථානුකූල බලයක් නැතැයිද එසේ කර අධිකරණයෙන් වරදකරු වුණොත් ජනපති අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ ප්‍රජා අයිතිය අවුරුදු හතකට අහෝසි විය හැකි යැයිද හිටපු මුදල් ඇමැති මංගල සමරවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් කියා සිටී.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඇමැති මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම්වරයා සහ රාජ්‍ය නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ නොකරන බවට ප්‍රතිඥා දී ඇතැයිද එය කඩ කරන ඕනෑම අයෙකු අභියාචනාධිකරණය හමුවේ වරදකරු කළ විට ප්‍රජා අයිතිය අහිමිවීම පමණක් නොව ඒ අයගේ නිශ්චල හා චංචල දේපළ පවා රාජ සන්තක වන බව මංගල සමරවීර හිටපු ඇමැතිවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්ව තිබේ.

ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනවලට අනුව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට හා වැය කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයේ සිට මාස 3ක් ඉක්ම නොයන කාලයක් සඳහා බව පවසන හිටපු ඇමැතිවරයා ජුනි මස 20 දින පැවැත්වීමට යෝජිත මහ මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති බවද කියා සිටී.

එජාප රජය විසින් සම්මත කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ වියදම් සඳහා මුදල් වෙන්කර තිබෙන්නේ අද දක්වා පමණක් බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති හිටපු මුදල් ඇමැති මංගල සමරවීර අදින් පසුව රාජ්‍ය වියදම් දැරීමට ජනපති ප්‍රමුඛ රජයට අවකාශයක් නොමැති බව පවසයි.

පත්ව ඇති මෙම අවදානම් අවස්ථා සලකා බලා වහා පාර්ලිමේන්තුව රැස්කර රජයේ සේවක වැටුප් ඇතුළු අත්‍යවශ්‍ය වියදම් අනුමත කරවා ගැනීමට කටයුතු කරන ලෙසද හිටපු ඇමැති මංගල සමරවීර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි. මෙම ලිපිය යවා ඇත්තේ පෙරේදා (28 වැනිදා)ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More