මාවනැල්ලේ බුදුපිළිම කැඩූ අන්තවාදීන් බේරා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය මෙහෙය වූ මොහොමඩ් සහරාන් විසින් එවන ලද රුපියල් ලක්ෂ විස්සක් අන්තවාදීන්ගේ පවුල්වල සාමාජිකයන්ට බෙදාදුන් මාවනැල්ලේ ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (28 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
මාවනැල්ලේ බුදුපිළිම කැඩූ අයියා මලෝ දෙදෙනාගේ ගෝලයන් අත්අඩංගුවට පත්වීමත් සමග ඔවුන් බේරා ගැනීමට මෙම මුදල සහරාන් විසින් මෙම පුද්ගලයාට එවා ඇතැයි හෙළි වී ඇත.
මෙම ව්‍යාපාරිකයා විසින් අත්අඩංගුවේ සිටින අයගේ පවුල්වලට මෙම මුදල් ලබාදීමෙන් පසුව නීතිඥ සමාගමකට එම මුදල් ගෙවා ඇති බවද හෙළිව ඇත. මේ බව අනාවරණය වී ඇත්තේ හිටපු ඇමැති රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරා වූ රියාජ් බදියුදින් සමග අත්අඩංගුවට ගත් නීතිඥවරයා සම්බන්ධව කළ විමර්හනවලදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...