බංග්ලාදේශ කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ නිදහස් කුසලාන විස්සයි20තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ට ලකුණු 166ක් රැස්කිරිමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණඩායම පන්දුවාර 20කදී ඉලක්කය පසුකර ගියේය.
පන්දුවාර 3කට ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 35ක් අවශ්‍යව තිබුණි. 18 වැනි පන්දුවාරය යොමුකළ මුෂ්ඨෆිසුර් රෙහමාන් එම පන්දුවාරයේදි එක් ලකුණක් පමණක් ලබාදෙමින් මනීෂ් පාණ්ඩේ දවා ගැනිමට සමත්විය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් කාර්තික් 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ රූබල් හුසේන්ට 6,4,6,0,2,4 වේගවත් ලකුණු 22ක් ලබාගනිමින් ඉන්දිය කණ්ඩායම දෙසට තරගය ගෙන ආවේය.
අවසන් පන්දුවාරයේදී ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් අවශ්‍යව තිබුණි. සෞම්ය ශර්කාර් අවසන් පන්දුවාරය යොමුකළ අතර 1w, 0,1,1,4,6 ලකුණු රැස්කරමින් ඉන්දියාව තරගය ජයගත්තේය. අවසන් පන්දුවට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් අවශ්‍යව තිබුණි. දිනේෂ් කාර්තික් එම පන්දුවට හයේ පහරක් ලබාගනිමින් තරගය ජයගත්තේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...