දේශීය පුවත්

බෙදුම්වාදයට සහ අන්තවාදයට යටව තිබූ පාර්ලිමේන්තු යළි කැඳවීම යනු ලක්ෂ 69ක ජනතාවකගේ ඡන්දය පාවාදීමක් යැයි යුතුකම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.එම නිවේදනය මෙසේය.

විපක්ෂයේ රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, ආර්. සම්බන්ධන්, පාඨලී චම්පික, රවුෆ් හකීම්, රිෂාඞ් බදුර්දීන් සහ මනෝ ගණේෂන් යන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් ඒකාබද්ධ ප‍්‍රකාශනයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගෙන් ඉල්ලා සිටින්නේ එතුමා විසින් සිදු කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන ලෙස ය. එසේ නො කරන්නේ නම් අඩුම තරමින් විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ය.

ජනාධිපතිතුමා ගෙන් මේ ඉල්ලීම කරන්නෝ ඔවුන් බලයේ සිටිය දී එතුමා බොරු චෝදනා මත කෙසේ හෝ සිරගත කිරීමට, අපරාධකාරයෙකු ලෙස හංවඩු ගැසීමට බොහෝ දුෂ්ඨ ප‍්‍රයත්නයන් දැරූවෝ ය. එතුමාගේ පුරවැසිභාවය පිළිබඳ පදනම් විරහිත චෝදනා නඟමින් එතුමා ගේ ජනාධිපති අපේක්ෂකත්වය ම සුණුවිසුණු කරදැමීමට අශිෂ්ඨ ප‍්‍රයත්නයක නිරත වූවෝ වෙති. 15 ලක්ෂයකට වැඩි ඡුන්දයකින් ජනාධිපති තනතුරට පත් වූ පසුව ද මුදල් ප‍්‍රතිපාදන වෙන් කරගැනීමට ඉඩ නොදුන්නෝ වෙති.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ම පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට ජන වරමක් ද පතමිනි. ඒ හා සමඟම බෙදුම්වාදීන්, ෆෙඩරල්වාදීන්, ආගමික අන්තවාදීන් ගේ සහයෙන්, කිසිවිටෙකත් රජයක් නො පිහිටුවන බවට ප‍්‍රතිඥා දෙමිනි. මේ අනුව විපක්ෂය ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ 69 ලක්ෂයක් ජනතාව එතුමාට දුන් ජනවරම ම පාවාදෙන ලෙස ය.

එ පමණක් ද නො වේ. බෙදුම්වාදීන් ගේ හා ආගමික අන්තවාදීන් ගේ බලයට නතුව ඇති, පැවති පාර්ලිමේන්තුව කැඳවූ සැනින් ජනාධිපතිතුමාට සුදුසු පරිදි මුදල් වියදම් කිරීම වළක්වාලනු ඇත. කොරෝනා මර්දනයට ගෙන ඇති සාර්ථක පියවර අවුල් වන යෝජනා සම්මත කරනු ඇත. එම්. සුමන්දිරන් මහතා කර ඇති ප‍්‍රකාශවලින් පැහැදිලි වනුයේ ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට දැනට ම කුමන්ත‍්‍රණයක් පවතින බව යි.

කුමන්ත‍්‍රණකරුවන් ගේ ම කතානායකවරයෙකු ද වන බැවින් එවන් යෝජනාවක් පිළිගැනීමට අවශ්‍ය වනුයේ සාමාන්‍ය බහුතරය පමණි. එ විට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ද අහිමි වේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, මවුබිමට එරෙහි වූ, සමස්ත රට වැසියාට ම එරෙහි වූ මේ දුෂ්ට කුමන්ත‍්‍රණය සහමුලින් ම පරාජය කිරීමට නායකත්වය දීම ඔබතුමා ගේ ප‍්‍රමුඛ යුතුකම යි. එහි දී සාතිශය බහුතරයක් ජනතාව ඔබතුමා සමඟ සිටගන්නා බවට සැකයක් නැත. එ ලෙස ම මාරාන්තික කොරෝනා වෛරසය පරාජය කිරීමට අප සමත්වනු ඇත්තේ ද මේ බෙදුම්වාදී ආගම්වාදී අන්තවාදීන් ගේ කුමන්ත‍්‍රණය පරාජය කළහොත් පමණක් බව අප ගේ සදාදරණීය ජනතාව ද තේරුම්ගත යුතු ව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More