දේශීය පුවත්

මිනුවන්ගොඩ මූලික රෝහලේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමගම ඔවුන් සමග සමීපව කටයුතු කර අවදානමට ලක්ව ඇති රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසකට සිදු කිරීමට නියමිතව තිබු PCR පරීක්ෂණය කිසිවෙකුගේ බලපෑම මත නවතා දමා ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරයි.

හෙද හෙදියන් ඇතුළු මිනුවන්ගොඩ මුලික රෝහලේ කාර්ය මණ්ඩලයෙන් පිරිසක් ආසාදිත නාවික හමුදා නිලධාරීන් සමග සමීපව කටයුතු කිරීම නිසා ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ආසාදිතයන් සමග ගැටුනු පිරිස් හදුනාගෙන ඔවුන්ව විද්‍යානුකූල ක‍්‍රමවේදයකට අනුව වර්ගීකරණය කර ඇති බව පෙන්වා දෙන හෙද සංගමය කිසිවෙකුගේ බලපෑම මත ඔවුන්ට සිදු කිරීමට නියමිතව තිබු PCR පරීක්ෂණය හදිසියේ නවතා දමා ඇති බව පෙන්වා දෙයි.

නමුත් රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි ඉල්ලීම මත ඊයේ (28) දිනයේ මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සහ තවත් රෝහල් සේවකයින් කිහිප දෙනෙකු සඳහා පමණක් එම PCR පරීක්ෂණය සිදු කර ඇති අතර නාවික හමුදා නිලධාරීන් සමග සමීපව කටයුතු කළ හෙද හෙදියන් ඇතුළු සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා එම පරීක්ෂණය සිදු නොකිරීම බලවත් අසාධාරණයක් බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් හෙද නිලධාරී එස් .බී මැදිවත්ත මහතා ඊයේ බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

පවතින තත්ත්වය යටතේ තමන්ටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වූ දැඩි භීතියක් රෝහල් කාර්ය මණ්ඩලය අතර පැතිර ගොස් ඇති බව හෙද නිලධාරී මැදිවත්ත මහතා සිය ලිපියෙහි සඳහන් කර තිබේ.

තම ජීවිත අවදානම පවා නොතකා රාජකාරියේ නිරතවී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය බලධාරීන් දක්වා ඇති අඩු සැලකිල්ල පිළිබදව සිය බලවත් අප‍්‍රසාදය පළ කර සිටින බවත් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහලක් වන මිනුවන්ගොඩ මුලික රෝහලේ හෙද හෙදියන්ගේ ආරක්ෂාව සම්බන්ධව මැදිහත්වීමට වෘත්තීය සමිතියක් ලෙස තමන්ට වගකීමක් ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

ඉහත සිදුවීම නිසා තම සෞඛ්‍ය තත්ත්වය පිළිබද අවිනිශ්චිත වාතාවරණයකට මුහුණ පා සිටින හෙද හෙදියන් ඇතුළු මිනුවන්ගොඩ මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ යුතු PCR පරීක්ෂණය ප‍්‍රමාදයකින් තොරව සිදුකර ඔවුන්ට නිදහස් මනසකින් සේවය කිරීමට අවශ්‍ය පරිසරය රෝහල තුළ ඇති කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවද එම ලිපියෙහි වැඩිදුරත් සඳහන් කර තිබේ .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More