දේශීය පුවත්

ලොව පුරා කෝවිඩ් වසංගතය පැතිරෙද්දි අපේ රටේත් මේ ව්‍යසනයට මුහුණ දිමට ශ්‍රී ලංකික අපිට සිදුවු බවත් ඒහිදි එම වසංගතයෙන් රට මුදවා ගැනිමේ දි ත්‍රිවිධ හමුදාව සුවිශාල සේවාවක් ඉටු කල බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා අද (29) මේ බව සදහන් කර සිටියේය.

එහිදි යම් ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පිරිසක් පාලනය කර ගැනිමට යාමේදි නාවික හමුදාවේ පිරිසකට මේ වසංගතය වැළදි දැඩි අසිරුවතාවයකට පත්විමට සිදුවු බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මේ හේතුවෙන් නිවාඩු ලබා නිවෙස් වෙත ගිය නාවික හමුදාව ඇතුළු ත්‍රිවිද හමුදාවේ නිලධාරින් නැවත ගෙන්වා ගැනිමට සිදුවු බවත් එයින් ඔවුන් හට දැඩි අසාධාරණයක් සිදු බවත් සඳහන් කළේය.

මේ හේතුවෙන් ඇත පිටිසර පළාත්වල ජිවත්වන පිරිස් මෙම නාවික හමුදාවේ සමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට දැඩි කොන්කිරිමකට පිඩාකාරි තත්ත්වයකට පත් කරන බවට ආරංචි ඇති බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.

රටේ ඔනෑම ව්‍යසනයකදි නායයෑමකදි, ගංවතුර තත්ත්වයකදි රටේ මහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම ත්‍රිවිද හමුදාව දැඩි උත්සාහයෙන් යුතුව ක්‍රියා කරන බැවින් මෙවැනි තත්ත්වයකදි ඔවුන්ව මෙලෙස කොන් කිරිමකට ලක්නොකර ඔවුන් සමඟ ඔවුන්ගේ ජිවිත රැකගැනිම වෙනුවෙන් සිටින ලෙස තමා ආරක්ෂක ලේකම් වශයෙන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More