දේශීය පුවත්

වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවි පුහුණුව ලබා දී ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒත් සමගම අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කළා.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින 14 හැවිරිදි සිසුවෙකු ලබා දී ඇති ප්‍රකාශ අනුව මෙසේ විමර්ශන කටයුතු ආරම්භ කෙරුණා. කාරතිව් අරාබි පාසල 2008 වසරේදී ආරම්භ කෙරුණා. එය 2018 වසරේ අවසානය දක්වා පවත්වාගෙන ගොස් තිබෙනවා. විවිධ ප්‍රදේශවල දෙමව්පියන් අහිමි දරුවන් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් මෙම පාසලේ ඉගෙනුම ලැබුවා. එමෙන්ම මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවටයි හෙළිව තිබෙන්නේ.

අරාබි පාසල මෙහෙයවා ඇත්තේ සහරාන් බවට ද තොරතුරු ලැබී තිබෙනවා. දරුවන්ට අවි පුහුණුව ලබා දෙමින් ඉලක්කවලට වෙඩි තැබීමට පුහුණු කර ඇති බව අදාළ ශිෂ්‍යයා පාපොච්ඡාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනක මෙම සිසුවා ඇතුලු සැකකරුවන් පිරිසක් අරාබි පාසලට රැගෙන ඒමට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. එහෙත් අවි පුහුණුව ලබා දුන් ස්ථානය නිශ්චිතව පෙන්වීමට එම දරුවා අසමත් වී ඇත්තේ අදාළ ස්ථානයෙන් ඉදිකිරීම් කිහිපයක් සිදුකර තිබීම හේතුවෙනුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More