කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරන බව කියමින් රටවල් ගණනාවක් නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් කඩ කරමින් සිටින බවත් එම රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කරයි. එහි ප්‍රධානී මිෂෙල් බැෂලෙට් මෙලෙස චෝදනා කර ඇති රටවලින් ඉල්ලා ඇත්තේ සුවිශේෂී හෝ හදිසි ක්‍රියාමාර්ගවලට මුවා වී මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලින් වළකින ලෙසයි.
නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමසාරිස්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට අමතරව සයිබීරියාව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, පිලිපීනය, එල්-සැල්වදෝරය, ඩොමිනික් රාජ්‍යය, පේරු, හොන්ඩියුරාස්, ජෝර්දානය, මොරොක්කෝ, කාම්බෝජියාව, ඉරානය සහ හංගේරියාව යන රටවලින්ද මෙලෙස මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව වාර්තා වන බවයි.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් පවසා ඇත්තේ හදිසි බලතල යනු විසම්මුතීන් මැඩ පැවැත්වීමට, ජනගහනය පාලනය කිරීමට සහ බලයේ සිටින කාලය තවදුරටත් පවත්වා ගැනීමට රජයන්ට හැකියාව ලැබෙන ආයුධයක් නොවිය යුතුය යනුවෙනි.
Aruna

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...