දේශීය පුවත්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රුපියල් 150,000 පමණ වටිනා හොරෙයින් මත්කුඩු තමන් පැළඳ සිටි මුඛ ආවරණය තුළ සඟවාගෙන යතුරුපැදියේ යමින් සිටි යුද සෙබළෙකු අද (28) කලුතර රජවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු සතුව මත්කුඩු හා යුද හමුදාවේ රෙජිමේන්තුවකට අයත් නිළ මුද්‍රාවක් සහ තාවකාලික නිවාඩු බලපත්‍ර දෙකක්ද රාජකාරි හැදුනුම්පත ද තිබූ බව පොලිසිය සදහන් කරයි .

කලුතර ,පලාතොට ,බෝම්බුවල ආදී ප්‍රදේශ වලට යතුරු පැදියකින් පැමිනෙණ පුද්ගලයෙකු මත්කුඩු බෙදා හරින බවට කලුතර කොට්ඨාස අපරාධ විමර්ශය අංශයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පූර්ණ පරීක්ෂා කර අවසානයේ මුඛ ආවරණ ද පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම මත්කුඩු සඟවා ගෙන සිටි බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .

අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබලා රාජකාරි හැදුනුම්පත යොදාගනිමින් මෙම මත්කුඩු ජාවාරම කාලයක සිට සිදු කර ඇති බවද ඒ හේතුවෙන් ඔහු මාර්ග බාධක හරහා කිසිදු බාධාවකින් තොරව මත්කුඩු ප්‍රවාහන කර ඇති බව කරන ලද විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත 38 වියේ පසු වන මෙම සැකකරුගේ බිරිඳද ආරක්ෂක සේවාවක රාජකාරි කරන අයකු බව පොලිසිය කියයි

සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය. කලුතර කොට්ඨාස අපරාධ විමර්ශය අංශය පරීක්ෂණ පවත්වයි .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More