නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දිනය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව එම ප්‍රදේශය හුදකලා කර ඇතැයි ද අද(28) උදෑසන දෙරණ අරුණ වැඩසටහන හා සම්බන්ධ වෙමින් වෛද්‍යවරයා පැවසීය.
ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 60 කට අධික ප්‍රමාණයක් වාර්තා වු බවත් එයින් බහුතරය නාවික සෙබළුන් වන අතර, එයින් ද වැලිසර නාවික හමුදා මුලස්ථානයේ සෙබළුන් වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.
මීට අමතරව, දිවයිනේ ප්‍රදේශ රැසකින් ආසාදිතයින් වාර්තා වු බවද කියා සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතෙන් රෝගීන් දෙදෙනෙක්, ටොරින්ටන් හි හැටේ වත්ත ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් හා හැව්ලොක් ප්‍රදේශයේ කොළඹ මහනගර සභාවේ පවිත්‍රතා සේවයෙක්ට ද කොරෝනා ආසාදනය වී ඇතැයි පැවසීය.
එම පවිත්‍රතා සේවකයා සේවය කරන වාහනයේ රියදුරු කොළඹ, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...