දේශීය පුවත්

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමිපානන් වහන්සේ විසින් ඇමරිකාවේ වෙසෙන Hospital Services Support Foundation ආයතනෙයේ සාමාජිකයින් සහ ඔස්ට්‍රේලියවේ බ්‍රිස්බේන් හි වෛද්‍ය කාංචනමාලා රණසිංහ මහත්මිය විසින් ඒවන ලද දැඩි සත්කාර ඒකක වෛද්‍ය උපකරණ වලින් කොටසක් හෝමාගම මූලික රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් පරිවර්ථනය කරනු ලබන දැඩි සත්කාර ඒකකයට සහ රෝහල වෙත භාර දීම සිදු විය.

තොරතුරු, සංනිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමිපානන් වහන්සේගෙන් කරනු ලැබූ ඉල්ලීමක අනූව මෙම වෛද්‍ය උපකරණ තොගය හෝමාගම මූලික රෝහලට ලැබිණී.

ඒම වෛද්‍ය උපකරණ වලට අදාල ලිපිගොනු පන්ඩිත රජවැල්ලේ සුභූති හිමිපානන් වහන්සේ විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, ළමා හා කාන්තා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබා දුන් අතර අමාත්‍යතුමීය ඒම ලිපිගොනු හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ජනිත හෙට්ට්ආරච්චි මහතා වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යතුමීයගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු නිලධාරින් පිරිසක් ඒකවිය.

-මාධ්‍ය ඒකකය –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More