දේශීය පුවත්

රටේම ඇඳිරි නීතිය ඉවත් කර මුළු රටම සාමාන්‍ය අතට පත්කිරීමට නම් එකදිගට දින 28ක කාලසීමාවක් තුළ කොරෝනා ආසාදිතයකු හමුනොවිය යුතු බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

කොරෝනා වෛරසය මර්දන ක‍්‍රියාවේ නිරත වී සිටින සෞඛ්‍ය බලධාරීන් ඒ් බව තහවුරු කළ බව ද අජිත් රෝහණ මහතා පවසයි.

රට සාමාන්‍ය අතට පත්වන තුරු අනවශ්‍ය ගමන්බිමන්වලින් බැහැර වී නිවෙස්වලම රැඳී සිට කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට සහය වන ලෙසට ද අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්‍ෂක නිලධාරීන් කරන දැනුවත්කිරීම්වලට අනුව සෞඛ්‍ය පුරුදු අනුගමනය කර මෙම වෛරසය ව්‍යාප්තවිම වළක්වාගැනීමට කටයුතු කරන ලෙස ද ඒ් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More