දේශීය පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිදු කරන්නේ මාධ්‍ය වල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත්
කී ආනන්ද හිමියෝ එනිසා තවදුරටත් මාධ්‍ය වලින් පෙනී සිටීමෙන් වැලකී තමන්ට අයත් රාජකාරිය සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිපුර සිටින්නේ කොරෝනා මර්දනයේ නොව මාධ්‍ය වල බවත් මාධ්‍ය වල පෙනී සිටීමෙන් කොරෝනා මර්දනය නොවන බවත් තමන්ට පවසන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා උදෑසනට මාධ්‍ය ඉදිරියට විත් ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් ලබා දෙන වාර්තා බවත් උන් වහන්සේ පැවසූහ.

උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදීම තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශයේ සියලු කාර්ය තමන් යටතට පවරාගෙන දොඩම් ගොඩ බදා ගත්තා වාගේ වැඩ කරමින් සිටින බවයි.

එසේ කරන්නේ නැතිව සුදුස්සන්ට වැඩ බෙදා දෙන ලෙසද උන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

මෙම මාධ්‍ය හමුව සදහා හිටපු රාජ්‍ය ඇමතිනි රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය.

සබැඳි පුවත් –


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More