දේශීය පුවත්

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි.

ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට ලිහිල් කරන බවයි.

දිස්ත්‍රික්ක 21ක් සඳහා අද ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබුණද නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාත්‍රි නිවේදනය කළේය.

ඒ අනුව අද දිනයේ අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ගමන් කළ නොහැකියි.

අවදානම් කලාප හැර දිස්ත්‍රික්ක 21ක ඇදිරි නීතිය ඉවත් වන්නේ හෙට උදෑසනයි.

ඇදිරි නීතිය උදෑසන 5.00ට ඉවත් වන අතර එදින රාත්‍රි 8.00 ට යළි ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත් ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පාරිබෝගික ස්ථාන වෙත යන අය ජාතික හැදුනුම්පතේ අවසාන අංක අනුව නිවසින් බැහැරට යන ලෙස රජය නිවේදනය කරයි.

ඒ අනුව සඳුදා දින අංකය 1 හෝ 2,

අඟහරුවාදා දින අංක 3 හෝ 4,

බදාදා දින අංක 5 හෝ 6,

බ්‍රහස්පතින්දා දින අංක 7 හෝ 8 සහ,

සිකුරාදා දින අංකය 9 හෝ 0 ලෙස ජාතික හැඳුනුම්පතේ අවසන් අංක අනුව අදාළ දිනයන්හිදී නිවසින් බැහැරට යා හැකියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More