දේශීය පුවත්

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ‍අද(27) සවස නිකුත් වී ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත් විය.

විභාගය සඳහා අයදුම්කරුවන් 7, 17,246 පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් පාසල් අයඳුම්කරුවන් ගණන 433,189ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් ගණන 284,057කි.

විභාගයේ ප්‍රතිඵල ‍විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.results.exam.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස අයඳුම්කරු‍ගේ නිවැරදි විභාග අංකය ලබා දීමෙන් භාගත හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මඟින් විමසීම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනය කරයි.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාව – 0112 78 42 08 / 0112 78 45 37 /

0113 18 83 50 / 0113 14 03 14

ක්ෂණික ඇමතුම් ඒකකය                     – 1911

_____________________________________________________________________________

සාමාන්‍ය පෙළට A සාමාර්ථ 9 ක් ගත් සිසුන් ගණන 10,346 ක්

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් ගණන 10,346 ක් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

අද(27) සවස 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ‍නිකුත් කෙරිණි.

ඒ අනුව විභාගයෙහි පෙනී සිටි අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල අනුව සකස් කරන ලද සංඛ්‍යා ලේඛන තොරතුරු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව විභාගයට අයඳුම් කළ මුළු අයඳුම්කරුවන් ගණන 717,246 ක් වෙයි.

විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 556,256 ක් වන අතර ඉන් උසස් පෙළ සඳහා සුදුසුකම් ලත් ප්‍රතිශතය සියයට 73.84 ක් බවද විභාග කොමසාරිස් සනත් පූජිත මහතා නිවේදනය කරයි.

ගණිතය සමත් ප්‍රතිශතය සියයට 66.82 ක් වන බවද විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත් විය.

විභාගයට පෙනී සිටි පාසල් අයඳුම්කරුවන් ගණන 433,189ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් ගණන 284,057කි.

_____________________________________________________________________________

O/L ප්‍රතිඵල අද හවසට

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987කදී පැවැත්වුණි.

විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008 පෙනී සිට ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More