දේශීය පුවත්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල 03ක් රසායනාගාර ආරම්භ කිරීමට සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ පේරාදෙණිය, කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාල මඟින් එම රසායනාගාර පවත්වාගෙන යාමට ඉල්ලුම් කර ඇති බවයි.

කොළඹ පුද්ගලික රෝහල් කිහිපයක් මගින් ද සෞඛ්‍ය අංශ ඉදිරිපත් කරන සාම්පලවල පී.සි.ආර්.පරීක්ෂණ සිදුකරගැනීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුව මඟින් මෙරට පරීක්ෂණාගාරයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර එහිදී දිනකට පී.සී.ආර්.පරීක්ෂණ දහසක් පමණ සිදුකිරීමට සැලසුම් කර ඇත.

ඊයේ පස්වරු 5.00න් අවසන් වූ ගත වූ පැය 24 තුළ දිවයින පුරා පී.සි.ආර්.පරීක්ෂණ 1075ක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

පී.සි.ආර්.පරීක්ෂණ කිරීමේ දැනට පවතින උපරිම ධාරිතාව 1200ක් වන අතර අවශ්‍යතාව මත එය ක්‍රමයෙන් ඉහළ නංවන බවයි ඔහු සදහන් කළේ.

සැකසහිත රෝග ලක්ෂණ පවතින බවට වෛද්‍යවරුන් නිර්දේශ කරන පුද්ගලයන්, බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ගෙන් තෝරාගත් තැනැත්තන්, අහඹු ලෙස තෝරාගත් කණ්ඩායම්, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන සහ ඉන් පිටත්වන කණ්ඩායම් සහ වෙනත් හේතු මත පී.සි.ආර්.පරීක්ෂණ සඳහා පුද්ගලයන් යොමුකිරීම සිදුකෙරෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More