දේශීය පුවත්

රතු කරුසය සංවිධානයේ ” වෝහාරිකා සම්බන්ධීකාරක ” ඇන්ජෙලිකා ගුස්මාන් මහත්මිය වෙත අප්‍රේල් 24 දින ලියන සෞඛ්‍ය ‍සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා ඉල්ලා සිටින්නේ මෙසේය.

” දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුකොට පැන නැගී ඇති තත්වය තුල මරණ අනුපාත දෙස බලන විට යම් මරණ ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැක. ඒ නිසා ඔබ විසින් මළ සිරුරු බෑග් 1000 ක් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන්නේ නම් එය අගය කරනු ඇත. ”

ඒ අනුව පැහැදිළි වන්නේ ලේකම්වරයා කියන පරිදි රතුකුරුස සංවිධානය විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එම ඉල්ලීම සිදු කොට නොමැති බවය. මරණ වැඩි වීමක් කිසිවෙකු විසින් ප්‍රාර්ථනා නොකළද ඒ සඳහා සූදානම් වීම පරිපාලකයින් වගකීමක් බවට විවාදයක් නැත.

නමුත් විවාදයට කාරණාව වන්නේ එම උනන්දුව සහ සොයා බැලීම එනම් මළ සිරුරු බෑග් අඩුවක් නැතිව තබා ගැනීමට තිබූ උනන්දුව PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය සැපයුම් අඩුවක් නැතිව තබා ගැනීම සඳහා නොපෙන්වීමය.

ජනවාරි සිට අප්‍රේල් අග දක්වා වූ කාලය තුල ඒ සඳහා විධිමත් ටෙන්ඩරයක් කැඳවීමට එම ලේකම්වරුන්ට උනන්දුවක් නැතිවීම නිසා සහ රටේ තිබෙන PCR යන්ත්‍ර වැඩි ප්‍රමාණයක් ඒ සඳහා යොදවා ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරීමට උනන්දුවක් නැති වීම කණගාටුදායක කරුණක් බව පිළිගැනීමට සිදු වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More