දේශීය පුවත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටත් , ජනතාවත් බේරාගැනීම උදෙසා කරන ලද කැපවීම පිළිබඳව අගය කරන්න ලොකු දැනුවත්කමක් අවශ්‍ය නොමැති බවත් අවශ්‍ය වෙන්නේ දේශප්‍රේමී මනසක් පමණක් බවත් මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ජාතික පුවත්පතකට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ධම්මරතන හිමියන්

‘‘ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ මුහුණු දුන් දැවැන්තම අර්බුදය, මුහුණ දී අවසාන වෙමින් ගතවෙන කාලයක් මේ ගෙවෙමින් පවතින්නේ. ඒ අනුව කිසියම් පසු විපරමක් කරමින් ඒ පසු විපරේමේ දී සිදුවුණු දේවල් පිළිබඳව, පොඩි හැදෑරීමක් කරගැනීම ඉතාමත්ම වටිනවා. රටේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අණ්ඩුව, රජය ඉතාම වගකීමෙන් කටයුතු කරමින් රටත් , ජනතාවත් බේරාගැනීම උදෙසා කරන ලද උත්තරීතර කැපවීම පිළිබඳව අගය කරන්න ලොකු දැනුවත්කමක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ දේශප්‍රේමී මනසක් පමණයි. මේ වෙන විට රජයටත්, ගරු ජනාධිපතිතුමාටත් දෝෂාරෝපණය කරන නින්දිත ව්‍යාපාරයක නියුක්තික සමහර පුද්ගලයන් සිටිනවා.

ඇත්ත වශයෙන්ම තමන්ට රාජ්‍ය බලය හෝ තමන්ගේ කණ්ඩායමට රාජ්‍ය බලය හෝ ගිලිහීම පිළිබඳ දුෂ්ට චේතනාවෙන් යම් යම් ප්‍රකාශයන් නිකුත් කරන බවත් පේනවා. එම ප්‍රකාශයන්හි වෛරය , දේවේෂය , ආත්මාර්ථකාමීභාවය කියන කාරණාව පමණක් තිබෙන බව අපට හරිම පැහැදිලී. ඒ හැර රජයට එරෙහිව ප්‍රකාශ කරන්නන් සතුව ගත යුතු වෙනත් කිසිවක් නැහැ. ඊට අමතරව තිබෙනවා නම්,තිබෙන්නේ විදේශීය අතපෙවීම් සඳහා වන දේශීය සහයෝගීතා කණ්ඩායම්වල තිබෙන සහයෝගී ප්‍රකාශ . ඒවා සියල්ලම දුෂ්ට චේතනාවෙන් කරන දේවල් වශයෙන් කියන්න පුළුවන් යැයි උන්වහන්සේ පවසයි.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More