දේශීය පුවත්

නාවික හමුදාව මගින් නිපද වූ රොබෝ යන්ත්‍රයක් ඇතුළු දෑ නෙවිල් ප්‍රනාන්දු රෝහලට භාර දීමේ උත්සවයකට එක් වූ නාවික නිලධාරියකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇත. මෙම උත්සවයට සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ද පැමිණ තිබේ.

මෙම නාවික නිලධාරියා සමඟ රාජකාරි කළ වැලිසර කඳවුරේ නාවිකයකුට කොවිඩ්-19 රෝගය ආසාදනය වී තිබීම මත මෙම පරීක්ෂණයට යොමු කර ඇත.

මෙම උත්සවයට සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු සෞඛ්‍ය හා නාවික ප්‍රධානීන් එක්ව සිටියහ.

උත්සවයට එක් වූ නාවික නිලධාරියා රෝහල් වාට්ටුවේ දී පමණක් ආරාධිතයන් සමඟ සම්බන්ධ වූ බවත්, එසේ නමුත් ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු බලා සිටින බවත් ඉහළ පෙළේ නිලධාරියකු අනාවරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More