දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා සිටි පොලිසියේ අසූ දෙනකු සහ විශේෂ කාර්ය බළකායේ අසූ දෙනකු ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව අනුයුක්ත කර ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘අරුණට’ ඊයේ (26 වැනිදා) පැවැසුවේය.

මෙම තීරණය ගෙන ඇත්තේ පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොවිඩ්-19 මර්දන රාජකාරි සඳහා අනුයුක්ත කිරීම හේතුවෙන් බව ද ඔහු පවසයි. පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා ඇති පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොවිඩ් මර්දන රාජකාරී කටයුතු සඳහා මුදා හරින ලෙස හා ඒ වෙනුවට හමුදාව යෙදවිය හැකි බවට පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධව සාකච්ඡා කර ඇති වේත්‍රධාරී දෙපාර්තමේන්තුව එම ඉල්ලීමට ඉඩ දී ඇත. කෙසේ වෙතත් යුද හමුදාව විසින් ආරක්ෂක කටයුතු සිදු කරන්නේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ පාලනයට යටත්ව බව ද හෙතෙම ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More