කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මිය යන රෝගීන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාවිතා කරන ‘‘බොඩි බෑග්’’ (ශරීර උර) 1000ක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා ඇත.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට ‘බොඩි බෑග්’ 1000ක් ලබා දීමට හැකි බව දැනුම් දී තිබුණි. එම දැනුම් දීම මත මෙම ඉල්ලීම් ලිපිය යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මාර්තු මස මුලදී ද බොඩි බෑග් 300ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත. කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මිය යන රෝගීන් බහාලීම සඳහා මෙම බොඩි බෑග් හෙවත් ශරීර උර භාවිතා කරයි.
Aruna

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...