දේශීය පුවත්

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් වසරකට පසු සහරාන්ගේ තවත් කදවුරක් මූතුර්වලින් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

එම පුහුණ කදවුර ගැන තොරතුරු අනාවරණය වන්නේ වසරක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සාදික් නැමැති මරාගෙන මැරෙන පුහුණුව ලැබූ ත්‍රස්තවාදියාගෙන් දිර්ඝ ලෙස කරනු ලැබූ ප්‍රශ්න කිරීම් වලදීය.

මාවනැල්ල බුදුපිළිම වලට හානි කළ පුද්ගලගයා වන්නේද ඔහුය.

2014 වසරේදී තුර්කිය හරහා සිරියාවට ගොස් අයිඑස් පුහුණුව ලබා ඇති ඔහු බමෙරටට පැමිණීමෙන් පසු මෙම පුහුණ කදවුර ආරම්භ කර තිබෙන බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අක්කර 15ක පමණ භ+මියක පිහිටා ඇති එම පුහුණු කදවුර පවත්වාගෙන ගිය එම ඉඩමේ මාවනැල්ලේ හජ්ජියාර් වරයකුට අයත් එකකි. එය ගොවිපලක් ලෙස පවත්වාගෙන ගොස් ඇත.

එහි හිමිකරුගේ පුතා සිද්ක්ගේ මිතුරෙකි. ඒ ඔස්සේ සාදික් ඉතා රහසිගතව එම ගොවිපල තුළ සිය පුහුණ කදවුර පවත්වාගෙන ගොස් ඇත්තේ සහරාන්ගේ උපදෙස්මත බව අපරාධ පරි්කෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇත

මාවනැල්ලේ පදිංචි තරුණයන් පස්දෙනෙකු එම පුහුණ කදවුරට රැගෙන ගොස් ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් පුහුණවක් ලබාදී ඇති බවද අනාවරණය වී තිබේ.

. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව විසින් කළ වැටලීමකදී එම අවි පුහුණුව ලැබූ තරුණයන් පස්දෙනාද අත්අඩංගුවට ගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එහෙත් වසරක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි ත්‍රස්තවාදී සැකකරුවන් මෙම මූතුර් හිදී තමා පුහුණුව ලැබූ බවක් හෙළිකර තිබුණේ නැත

ඒ අනුව පෙනී යන්නේ අත්අඩංගුවේ සිටින සැකකරුවන් තවදුරටත් තොරතුරු සගවා ගෙන සිටින බව යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අප සමග පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More