දේශීය පුවත්

දිස්ත්‍රික්ක 21ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (27)  සිට ලිහිල් කිරිමට නියමිතව ඇත.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය තවදුරටත් ලබන මැයි මස 4 වන සඳුදා අළුයම 05.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එම දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක 21 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට  අළුයම 05.00 ට ඉවත් කෙරෙන අතර රාත්‍රී 8ට යලි ඇදිරි නීතිය පැනවිමට නියමිතයි.

ඉන් පසු මැයි මස පළමු වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කෙසේවෙතත් ජනතාව වැඩි වශයෙන් ගැවසීම පාලනය කිරිමේ අරමුණින් ඇදිරි නීතිය ලිහිල් කෙරෙන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා නිවෙස්වලින් බැහැරව යාමේදී අනුගමනය කළ යුතු නව ක්‍රමවේදයක්ද රජය විසින් හඳුන්වා දී ඇත.

ඒ අනුව අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැරව යාමට පුද්ගලයින් හට අවසර හිමි වනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ලෙස අංක 1 හෝ 2 ඇති පුද්ගලයින්ට සඳුදා දිනවල නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවන අතර අවසන් අංකය 3 හෝ 4 සහිත පුද්ගලයින්ට අඟහරුවාදා දිනයේත්, 5 හෝ 6 සහිත පුද්ගලයින්ට බදාදා දිනයේත් නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවනු ඇති.

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස අංක 7 හෝ 8 සහිත පුද්ගලයින්ට බ්‍රහස්පතින්දා දිනයේත් අවසාන අංකය 9 හෝ 0 සහිත පුද්ගලයින්ට සිකුරාදා දිනයේත් නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමි වෙයි.

කිසියම් පුද්ගලයෙකු නිවසින් බැහැරව යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හාද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පමණක් වන අතර එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් යා  හැකි ආසන්නම වෙළඳසැල පමණක් තෝරාගත යුතු වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More