දේශීය පුවත්

නාවික හමුදා සහ යුද හමුදා ආසාදිතයින් කුරුණෑගල ප්‍රදේශයේ සැරිසැරීම නිසා මේ වන විට නව රෝගීන් 15 ක් පමණ හමු වී ඇති බවට පලවන වාර්තා පිළිබඳව ලංකා ලීඩ් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සංගම් නියෝජිතයෙකු අමතනු ලැබීය.

නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි එම වෛද්‍යවරයා සඳහන් කළේ කුරුණෑගල රෝහලේ වාට්ටුවකින් එක් රෝගීයෙකු හමුවී ඇති බව සහ පරීක්ෂණ අනුව සමස්ථයක් ලෙස ප්‍රදේශ 07 කින් රෝගීන් 15 ක් පමණ හඳුනාගෙන සිටින බවය.

තවදුරටත් ඔහු සඳහන් කළේ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් විසින් එම ප්‍රදේශ වසා දමන ලෙස ඉල්ලා ඇතත් තවමත් එවැනි තීන්දුවක් ගෙන ඇති බවක් වාර්තා නොවන බවය. එසේම මෙම රෝගීන් 15 දෙනොගේ ස්පර්ශකයන් 200 පමණ සිටින බවත් මේ වන තුරු ඔවුන් සියලු දෙනා ට PCR පරීක්ෂණ කිරීම සඳහා සූදානමක් නොමැති බවද එම වෛද්‍යවරයා සඳහන් කළේය. ඒ අතර කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක වරයා එම PCR පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය සේවක පිරිස් ලබා දිය නොහැකි බව දන්වා ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More