දේශීය පුවත්

ජනපති කතරගම පුදබිමට (Photos)

April 26, 2020 4:57 pm | Lanka Lead News

ජනතාවට සහ රටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විය.

කතරගම පුදබිමට පැමිණි ජනාධිපතිවරයා කිරි වෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවකධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

කොරෝනා වෛරසය මර්දනයට ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ උන්වහන්සේ කොවිඩ්- 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කළහ.

ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් උන්වහන්සේ විසින් සිහිවටනයක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ.

කිරිවෙහෙර සෑ රදුන් අබියස විශේෂ ආගමික වතාවත්හි නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා කතරගම දේවාල භූමියේ අෂ්ඨඵල බෝධීන්වහන්සේ ද වැඳ පුදා ගත්තේය.

කතරගම ශ්‍රී අභිනවාරාමයට ගිය රාජපක්ෂ මහතා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ජනාධිපතිවරයා කතරගම මහා දේවාලය ඇතුළු සෙසු දේවාල වෙත ද ගොස් ආගමික වතාවත්හි නිරත විය.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේපැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ද ජනාධිපතිවරයා එක්විය.

අයෝමා රාජපක්ෂ මහත්මිය, රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂින්ද්‍ර රාජපක්ෂ, වත්මන් වැඩබලන බස්නායකනිලමේ දිල්ෂාන් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More