විදේශ පුවත්

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් වැඩිම කාලයක් එරට පාලනය කළ නායකයා ලෙස වාර්තාවක් පිහිටුවාවිද? මෙය මේ දිනවල බොහෝ විට කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව තිබෙන්නේ රුසියානු ජනාධිපතිවරණ උණුසුමද ඉහළ යමින් ඇති පසුබිම තුළය.

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අද (18දා) ය. පුටින් ඒ සඳහා ඉදිරිපත් වන ප්‍රධානම අපේක්ෂකයා වෙයි. මෙවර පුටින් ජනාධිපති පදවිය සඳහා ඉදිරිපත් වන්නේ සිවුවැනි වතාවට වීම කැපී පෙනෙන කාරණාවකි. ඔහු පළමු වතාවට ජනාධිපති තරගයට ඉදිරිපත් වූයේ 2000 වසරේය. ඉන්පසු 2004 දී සහ 2012 දී ජනාධිපතිවරණවලට තරග කර ජය ගත්තේය. 2008 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් නොවූ අතර එයට හේතු වූයේ පිට පිට තුන්වරක් එම ධුරය සඳහා ඉදිරිපත් වීමට එරට ව්‍යවස්ථාව අනුව හැකියාවක් නොමැති වීමයි. එවර ජනාධිපති ධුරයට පත් වූයේ පුටින්ගේ සමීපතම විශ්වාසවන්තයකු වූ දිමිත්‍රි මෙද්වදෙව්ය. නමුත් එම අවස්ථාවේදීද සැබැවින්ම රට මෙහෙයවූයේ පුටින් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. කෙසේ හෝ වේවා මේ අනුව ඔහු මේ වන විට වසර 14ක් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More